පොසොන් පෝයදා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට වෙච්ච කරදරය.


 සචිත්‍ර සේනානායක කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු යවන්නෙක් සහ හොඳ පිතිකරුවෙක්.

පසුගිය දිනවලත් ඔහු සම්බන්ධව විශාල කතාබහකට ලක්වුණා.

පසුගිය පොසොන් පොහෝදා ඔහුට කරදරයක් සිදු වෙලා.

ඒ ඔහු නිවසේ නැති අතරක ඔහුගේ නිවසට හොරු පැනලා.ඔහුගේ වටිනා කියන බඩු රාශියක් හොරු රැගෙන ගිහින් කියලා තමයි ඔහු කියන්නේ.

" පොසොන් පොහොය දවසේ මම පංසල් ගිහිල්ලා එදා රෑ මට එන්න බැරි වුණා.

ඒ වෙලාවේ තමයි හොරකම සිදුවෙලා තියෙන්නේ.

තාප්පෙකින් හරි කොහෙන් හරි පැනලා ඇවිත් තමයි ජනේලය කඩලා මේ හොරකම සිදු කරලා තියෙන්නේ.

ඉතින් විමර්ශන කටයුතු සිද්ධ වෙනවා.

එයාලා ඒක හොඳටම කරගෙන යනවා.එයාලා ගැන දැඩි විශ්වාසයක් තියාගෙන ඉන්නවා.

මුදල් කිහිපයකුයි, අත් ඔරලෝසූ , ටැබ් දෙකක් සහ පරිගනකයක් අරගෙන ගිහින් තියෙනවා.ඇත්තටම මේ ගැන දුකයි."

තවත් පුවත් : 


Post a Comment

0 Comments