තුන් ඉරියවු ක්‍රීඩක වනිදු හසුරංග 20-20 ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට සමාජ ජාලාවල වාර්තා පළ වෙමින් ඇත.
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුල් වටයෙන්ම ඉවතට විසිවමින් පසු මෙම වාර්තා පළවේ.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක්‍රිකට් සමීප මූලාශ්‍රයක් සඳහන් කළේ මෙතෙක් එවන් ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිදු තොරතුරක් නැති බවය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට දැනටමත් සාකච්ඡාවෙමින් ඇති බව වාර්තා වෙයි.
ලෝක කුසලාන තරගාවලිය අවසන් කර මෙරට පැමිණි වහාම ගැඹුරු වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමට දැනටමත් තීරණය කර තිබේ.
තවත් පුවත් :
- ඉතිහාසය රන් අකුරින් ලිවීමට තිබු අවස්ථාවක් නේපලය ලකුණු 1කින් මගහැරගනී.
- දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා.
0 Comments