ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තම කණ්ඩායම එක මතවාදය සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පසු ගියදා කියා සිටියේය.
මේ රට දැන් තිබෙන තැනින් පොඩ්ඩක් හෝ වෙනස් කර වංගු ගැසීමට ගියොත් රට යන ගමන වෙනස් වී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටෙන් ඉවත් වුවහොත් ජාත්‍යන්තරයේ ණයවර ලිපියක්වත් විවෘත කරගැනීමට නොහැකි තත්ත්වයකට යලිත් ශ්‍රී ලංකාව පත්වන බව ඒ මහතා කියා සිටියේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියා සිටියේ එක එක න්‍යායාචාර්යවරුන් කියන බොරු කතා ගණන් ගත නොහැකි බවත්, ජනාධිපතිත්, මහ බැංකුවත් භාණ්ඩාගාරයක් එක් වී සිදු කරන දෙයින් ප්‍රතිඵල ලැබෙන්නේ රටට බවයි.
එනිසා රට විනාශ කරගෙන කිසිදු පක්ෂයට බලය ලබාගෙන වැඩක් නැති බවත් හෙතෙම ඒ මහතා තවදුරටත් පැවසීය.
විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලදී.
මේ අතර ඒ මහතා අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් සදහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති හා සජිත් ප්‍රේමදාස මහතා අගමැති වන්නේ නම් ඉතා හොඳ බවයි.
තවත් පුවත් :
- දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා.
- වනිදු ඉල්ලා අස්වෙයි..?
0 Comments