ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කාර්යභාරය හමාරවී එය ක්‍රමයෙන් දියවීයන තත්ත්වයකට සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් දියකරන තත්ත්වයකට පත්වී ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් පවසයි .
ඉතා කෙටිකලකින් පක්ෂයක් පිහිටුවා ඉතා කෙටිකලකින් ජනාධිපතිවරු,ආණ්ඩු පිහිටවූ පක්ෂයක් වේ නම් ඒ පොදුජන පෙරමුණයි.
එහෙත් අද වනවිට පොහොට්ටුවේ බලය වේගයෙන් වැහැරෙමින්,දියවෙමින් පවතින බව පෙනේ.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන පරිදි පොහොට්ටුවේ මහින්ද ලා සමඟ අද ඉතිරිව ඇත්තේ 10% ක පමණ මන්ත්‍රීවරු ප්‍රමාණයකි.
පොහොට්ටුවේ අවසානය මුලින්ම සනිටුහන් වූයේ බැසිල්ගේ විධානය උඩ එළියට දැමූ විමල් ,වාසු,ගම්මන්පිලගෙනි. ඔවුන් සමඟ පොහොට්ටුවෙන් තරඟ කළ මන්ත්‍රීවරු එකොළොස් දෙනෙකු මුලින්ම පොහොට්ටුවෙන් වෙන්විය ඊට පසුව ක්‍රමයෙන් ඩලස් සමඟ 13ක්ද,සුසිල්,අරුණ ප්‍රියදර්ශන ,ලන්සලා සමඟ තවත් පිරිසක්ද විපක්ෂයේ අසුන් ගත්හ.රනිල් ජනාධිපති කිරීමෙන් පසුව ඇමතිකම් ලැබූ ප්‍රසන්න රණතුංග ,කංචන,සේමසිංහ සහ රාජ්‍ය ඇමතිවරු ද දැන් රනිල්ගේ ගුණ වයමින් ඔහු පසුපස වැටී ඇත .පසුගිය දා නාමල් ගේ ප්‍රධානත්වයෙන් මාතලේ පැවති පොහොට්ටුවේ රැළියට රාජ්‍ය ඇමති ප්‍රමිතටහා ඔහුගේ පියාට ආරාධනා කර නොතිබිණි .
අවසානයේ පොහොට්ටුවට ඉතිරි වන කබ්බො කීප දෙනා සමඟ රනිල්ට සහායදීමට දේශපාලන තත්ත්වය බල කරනු ඇත .
...ප්‍ර.ජා.පෙ...
තවත් පුවත් :
0 Comments