පියුමිට වැඩ වරදින ලකුණු...? පියුමි හංසමාලි CIDයට...


සැකකටයුතු අන්දමින් කොටි ගණනක දේපළ උපයාගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

පියුමි හංසමාලී රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නවයක පවත්වා ගෙන යන බැංකු ගිණුම් 19 ක තොරතුරු ඉල්ලා ඇති බවත් එම තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු හෙළිවන තොරතුරු අනුව ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නිරූපණ ශිල්පිනියගේ ආලේපන හා රූපලාවණ්‍ය උපකරණ බෙදාහරින කුරියර් සමාගමේ සභාපතිවරයාගෙන් ද රහස් පොලීසිය ප්‍රශ්න කර ඇති අතර එම කුරියර් සමාගමේ සේවය කරන තවත් කිහිප දෙනකුගෙන් ද ඉදිරියේදී ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවටයි තොරතුරු සඳහන් වන්නේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments