කෝලිගේ පොටෝ කොපිය කුසල් මෙන්ඩිස් 20-20 නායකත්වයට..?

 


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස නායකත්වයට සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් ගේ නමද යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.

ඒ වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ නව නායකත්වය සඳහා යෝජනා වී ඇති නම් කිහිපය සමඟය.

කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් මෑත කාලයේ තරගාවලි රැසකම අසාර්ථක වීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකාව සමඟ තරගාවලියක් සඳහා ඉන්දීය කණ්ඩායම මේ මස අගදී මෙරටට පැමිණීමට නියමිතය.

එම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන්ද කිහිප දෙනෙකු විවේක ගන්නනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව සමග තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් ජනිත් පෙරේරා ඇතුළු තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු කැඳවීමට ඉඩකඩක් ඇතැයිද දැනගන්නට ඇත.

තවත් පුවත් : 

Post a Comment

0 Comments