හර්දික් පාණ්ඩ්‍යාගේ විස්සයි20 නායකත්වය මෙතෙක් ස්ථිර කර නොමැති බව වාර්තා වේ. BCCI පාණ්ඩ්‍යා සහ සූර්යකුමාර් යාදව් දෙදෙනා සම්බන්ධයෙන් ස්ථාවරයක සිටී. පසුගිය මාසයේ කැරිබියන් දූපත්හි පැවැති විස්සයි20 ලෝක කුසලානය දිනාගත් ඉන්දීය පිලේ උප නායකයා වූයේ පාණ්ඩ්‍යාය.
නිත්‍ය නායක රෝහිත් ෂර්මා ලෝක කුසලාන කුසලානයක් සඳහා ඉන්දියාවේ වසර 13 ක දිගු බලා සිටීම අවසන් කළ ජයග්‍රාහී නායකයකු ලෙස ඔහු විස්සයි 20 ආකෘතියෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කිරීමෙන් පසුව, පාණ්ඩ්‍යා ස්වභාවිකවම විස්සයි20 කණ්ඩායමෙ පාලනය භාර ගැනීමට ඉදිරියෙන්ම සිටියේය. නමුත් මේ වන විට BCCI තමන්ගෙ මතය වෙනස් කිරීමට උත්සහ දරණ බව වාර්තා වේ.
කෙසෙවෙතත් රෝහිත් ෂර්මාගේ අනුප්‍රාප්තිකයා තීරණය කිරීමේදී ගෞතම් ගාම්භීර්ගේ ඡන්දය තීරණාත්මක වනු ඇති බවත් විස්සයි20 නායකත්වය සඳහා හර්දික් පාණ්ඩ්‍යා සහ සූර්යකුමාර් යාදව් අතර BCCI තීරණය දෝලනය වන බවත් වාර්තා වේ.
තවත් පුවත් :
- යොවුන් ප්‍රහාරාත්මක පිතිකරු චමිදු වික්‍රමසිංහ ශ්‍රි ලංකා සංචිතයට කැදවයි.
- සැප්තැම්බර් 17න් පසු සුදුසු දිනයකදී ජනාධිපතිවරණය පවත්වනවා - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති.
0 Comments