එවන් පසුබිමක (11) රාත්‍රියේදීත් නාඳුනන පුද්ගලයෙකු විසින් ජයරත්න මල්ශාලාවට දුරකථන ඇමතුමක් ලබාදී තර්ජනය කර ඇත්තේ, කංජිපානි ඉම්රාන් ලබාදුන් දැනුම්දීම පිළිබඳව ක්ලබ් වසන්තගේ පවුලේ උදවියට දැනුම් දුන්නේද යන බව විමසමිනි.
ඒ පිළිබඳව ද විමර්ශනයක් සිදුකරන බව පොලීසිය පැවසීය.
එවන් පසුබිමක අද උදෑසන ක්ලබ් වසන්තගේ දේහය ජයරත්න මල්ශාලාවේ තැන්පත් කෙරුණි.
මේ අතර මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබාදුන් පළමු පුද්ගලයා ලෙස ක්ලබ් වසන්තව ඝාතනය කළ බවට කංජිපානි ඉම්රාන් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මදූෂ් පිළිබඳව විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ හා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද ඝාතනය කරන බවට කංජිපානි ඉම්රාන් පවසා ඇති බව පැවසෙයි.
ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් මූලස්ථානය ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
තවත් පුවත් :
- සතියකට 1,700 ක් ‘කොව්ඩ්’ වලින් මැරෙනවා.
- ඉන්දියානු සම්මාන උළෙලේදී මතීෂට සම්මානය ලබා දුන් කාගෙත් කතාබහට ලක්වුණ සුරූපිණිය.
0 Comments