වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයකු ලෙස ක්‍රීඩා කළ ධම්මික නිරෝෂණ හෙවත් 'ජොන්ටි' නැමැත්තාව ඊයේ රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබුණා.
අම්බලන්ගොඩ, බෝගහවත්ත, කන්ද මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී ඊයේ රාත්‍රී 9.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබු අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.
ධම්මික නිරෝෂණ 2002 වන විට ජාතික තලයේ සිටි විශිෂ්ඨ යෞවන ක්‍රීඩකයෙක් වෙනවා.
වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඔහු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන විට ඔහුගේ උප නායකයා ජීවන් මෙන්ඩිස්.
උපුල් තරංග, ධම්මික ප්‍රසාද්, ෆර්විස් මහරුෆ්, ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින්.
තවත් පුවත් :
- අභියෝග සියල්ල අධ්‍යයනය කරමින් දවසින් දවස ජීවිතයට මුහුණ දෙනවා – හිටපු විස්සයි20 නායක වනිදු හසරංග.
- අවිශ්ක ප්‍රනාන්දුට විස්සයි20 කණ්ඩායමේ අංක හතර භූමිකාව ලැබෙන ලකුණු.
0 Comments