දුම්රිය වර්ජනය වහාම අවසන්.. අස්කල ලිපි ආපසු කැදවන්නැයි බැගෑපත් වෙති..


වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිටම දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තිය සංගම කිහිපයක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

දුම්රිය ස්ථානාධිපති සංගමය හා ප්‍රවාහන අමාත්‍ය බන්ධන ගුණවර්ධන මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් වර්ජනයේ යෙදුණු නිලධාරින් සේවයෙන් ඉවත් කරන ලෙස යොමු කරන ලද ලිපි ආපසු කැඳවන ලෙසද වෘත්තිය සංගම් ද අමාත්‍යවරයාගෙන් දැඩිව ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රි දොළහ වන විට සේවයට වාර්තා කරන නිලධාරීන් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියා මාර්ගයක් නොගන්නා බවට ද අමාත්‍යවරයා එහිදී වාචිකව දැනුම්දී ඇත.

තවත් පුවත් : 

Post a Comment

0 Comments