දුෂ්මන්ත චමීර T20 සංචිතයෙන් ඉවතට.

 


ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එම තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහුට සිදු වූ ආබාධයක් හේතුවෙන්.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජූලි 27,28 සහ 30 යන තෙදින මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අගෝස්තු මස 02 වනදා පළමු එක්දින තරගය ආරම්භ වනවා.

අගෝස්තු මස 04 වනදා දෙවන තරගය ආරම්භ වන අතර තෙවන තරගය පැවැත්වෙන්නේ 07 වැනිදායි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments