ලබන 22 වැනිදා සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළිදැක්වීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසුවේ ය.
එමෙන්ම රට ඉදිරියට ගෙන යන දැක්ම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත වන ඔහු සඳහන් කළේ ය.
තව ද, රට නවීන රාජ්‍යයක් විදිහට ඉදිරියට ගෙන යන ආකාරය හා රටේ ආර්ථික තත්ත්වය නගා ගොඩනගා ගනිමින් ඉදිරියට යන ආකාරය උපාය මාර්ගික වැඩසටහන සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් එළිදැක්වීමට සැලසුම් කර ඇත.
කෙසේ වෙතත්, ප්‍රතිපත්තියක් නොමැති කණ්ඩායමකට රජයක් පවත්වාගෙන යා නොහැකි බවත් රජයක් ගෙන යෑමට නම් දක්ෂ නායකයෙක්, කණ්ඩායමක් , ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් ඒ සියලු සාධක තිබෙන්නේ සමගි ජන සන්ධානය සතුව බවත් වැඩිදුරටත් ඔහු කියා සිටියේ ය.
තවත් පුවත් :
- ඇමති ධුර අහිමි වූ හරීන්ට සහ මනූෂට ජනපතිගෙන් යළි අලුත් තනතුරු දෙකක්.
- නාමල් රාජපක්ෂ කාදිනල් හිමි බැහැදකී...
0 Comments