සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවතී තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගනිමින් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම වසර 27කට පසු තරගාවලි ජයක් ලබා ගැනීමට ඊයේ (07) සමත් වුනා.
ඒ දෙරට අතර පැවතී අවසන් එක්දින තරගයෙන් ඉන්දියාව පරදා ලකුණු 110ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවතී තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහදුන් ශ්‍රී ලංකාව කඩුළු 7ක් දැවී ලකුණු 248ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දියාවට පන්දුවාර 26.1ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 138ක් පමණි .
රෝහිත් ෂර්මා ලකුණු 35, වොෂින්ටන් සුන්දර ලකුණු 30ක් හා වීරත් කෝලි ලකුණු 20ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 27ට කදුළු 5ක් දවාගත් අතර , මහීෂ් තීක්ෂණ හා ජෙෆ්රි වැන්ඩසේ කඩුලූ 2 බැගින් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96ක් ලබාගත් අතර, 6 පහර 2ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුලත් විය.
කුසල් මෙන්ඩිස් ලකුණු 59කටත්, පැතුම් නිස්සංක ලකුණු 45කටත් දැවී ගිය අතර , කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 23යි.
ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව අවසන් වරට එක්දින තරගාවලියක් ජයගෙන තිබුනේ 1997 වසරේදීය.
තවත් පුවත් :
- ජනප්‍රිය ක්‍රිකට් ක්රීඩකයකුට වසර පහක ක්‍රිකට් තහනමක්..හේතුව මෙන්න.
- මුළු රටම බලා සිටි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයි.
0 Comments