සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ලෝඩ්ස්හි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ එංගලන්තයේ පළමු ඉනිම ලකුණු 427කට සීමා වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලකා කණ්ඩායම තීරණය කළේ, ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.
ඒ අනුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 427ක්.
එහි දී ජෝ රූට් ලකුණු 143ක් සහ ගට් ඇට්කිංසන් ලකුණු 118ක් ලබාගත්තා.
පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු දවාගත් කඩුලු සංඛ්‍යාව 05ක්.
මේ අතර ඔහු ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ ගෞරව පුරුවේ සිය නම සටහන් කිරීමටයි සමත් වුණේ.
මේ අතර ඉතා වේගයෙන් ලෝඩ්ස් පුවරුවේ නම තුන්වරක් සටහන් කළ ක්‍රීඩකයා බවට පත්වීමට ගට් ඇට්කිංසන් අද (30) සමත් වුණා.
ඒ ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ දී සිය මංගල ශතකය රැස්කරමින්.
ජුලි මස 12 වැනිදා ටෙස්ට් වරම් හිමි කරගත් ඔහු එහි දී කඩුලු 12ක් දවා ගැනීමටයි සමත් වුණේ.
ඒ අනුව ඉනිම් 04ක් තුළ ගට් ඇට්කිංසන් අවස්ථා තුනක දී ලෝඩ්ස් පුවරුවේ නම සටහන් කිරීමට ඔහු සමත් වී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එම පිටියේ එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරගවල දී කඩුලු පහක්, දහයක් දවාගන්න පන්දු යවන්නන් හට එම අවස්ථාව උදාවනවා.
එමෙන් ම එම තරගාවලි දී ශතක රැස්කරන ක්‍රීඩකයන්ගේ නම් ද ඊට ඇතුළත් කරනවා.
මීට පෙර මෙම පුවරුවේ ටෙස්ට් ක්‍රීඩකයින්ගේ නම් පමණක් සටහන් කළ අතර පසුව ඊට එක්දින ක්‍රීඩකයින්ගේ නම් ද සටහන් කිරීමට තීරණය කළා.
තවත් පුවත්:
- ක්‍රීඩාවෙන් විශ්‍රාම අරන් ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්රීඩකයකුට බරපතල චෝදනාවක්.
- ක්‍රිකට් ලොවේ රන් දෙවොලේ අද තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තාවක් අබියස.
0 Comments