සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (13) පස්වරු 8.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ, ඩබ්ලින් හිදීයි.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අනුෂ්කා සංජීවනි හට හිමිව ඇති අතර අයර්ලන්ත කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ, ලෞරා ඩෙල්නි විසින්.
දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 07කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ.
ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය එකට බින්දුවක් ලෙස පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
මෙම තරගය මොනරා රූපවාහිනිය ඔස්සේ සජීවිව නැරඹීමේ හැකියාව පවතිනවා.
තවත් පුවත් :
- ප්රසිද්ද පාසලක සිසුවියක් සමූහ දූෂණයක.. සිසුන් 17ක් අල්ලයි..
- කමිඳු මෙන්ඩිස්ට එංගලන්තයට යන්න බැරි වෙලා: වැන්ඩර්සේ තාම ගෙදර.
0 Comments