ලංකාව සහ ඉන්දීයාව අතර අද පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජය පරායෙන් තොරව අවසන් වුණා.
එය එක්දින ඉතිහාසයේ 44 වැනි සම තරගයයි.
කාසියේ වාසිය දිනා ගැනීමට ලංකාව සමත් වූ අතර එහිදී ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව ලංකා කණ්ඩායම පන්දුවාර පන්දු 50ක් අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 230ක් රැස් කළා.
එහිදී පැතුම් නිස්සංක ලකුණු 56ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 14ක් සහ නායක චරිත් අසලංක ලකුණු 14ක් රැස් කිරීමට සමත් වුණා.
අගනා ඉනිමක් දියත් කළ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වුණා.
අවිශ්ක ප්‍රනාන්දු එක් ලකුණකට දැවී ගිය අතර සධීර සමරවික්‍රම ලකුණු 8කට ද දැවී ගියා.
පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් Mohammed Siraj, Shivam Dube, Washington Sundar එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Rohit Sharma ලකුණු 58ක් හා Axar Patel ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුණා.
Shivam Dube ලකුණු 25ක් හා Virat Kohli ලකුණු 24ක් ලබා ගෙන තිබෙනවා.
පන්දු යැවීමේ දී Wanindu Hasaranga,Charith Asalanka කඩුලු 03 බැගින් දවා ගනු ලැබුවා.
Dunith Wellalage කඩුලු 02ක් ලබගත්තා.
එමෙන්ම, Asitha Fernando,Akila Dananjaya එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.
තවත් පුවත් :
0 Comments