දේශපාලනය උඩු යටිකුරු කරමින්, පොහොට්ටුවේ නාමල් එකවරම දැඩි තීරණයක් ගනී.. එම තීරණය මෙන්න..


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ පිල් මාරුවීම් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මින් ඉදිරියට අවස්ථාවක් නොමැති බවයි.

මේ බව ඒ මහතා සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න යොමු කිරීමට අවස්ථාව ලබාදෙමින් තරුණ සංවිධාන කිහිපයක් සමග එක්වී ඊයේ (23) සංවිධාන කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින් ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"සියල්ල තාක්ෂණයට සම්බන්ධ කිරීමෙන් සහ මිනිසාගේ සම්බන්ධතාවය අවම කිරීම තුළ වංචා හා දූෂණ අවම කරන්න පුළුවන්. වසර 3ක් ඇතුළත අපිට ඒක කරන්න පුළුවන්. අද ආර්ථිකයේ බොහෝ ගනුදෙනු සිදු වන්නේ බැංකු පද්ධතියෙන් එළියේ. අපේ ආණ්ඩුවකින් ඒවා බැංකු පද්ධතිය තුළට ගන්නවා."

තවත් පුවත් : 


Post a Comment

0 Comments