ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සීමිත දින කිහිපයක් පමණයි.
ඒ සඳහා ශ්‍ර්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ පුහුණුවීම් සඳහායි.
කෙසේ නමුත් මේ වනවිට එංගලන්තයේ පවතින සංක්‍රමණ විරෝධී කෝලාහල හේතුවෙන් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධව ගැටලුවක් පැන නැගී තිබෙන බවට පුවත් වාර්තා වී තිබුණා.
මේ වනවිට එහි රැඳී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ද ආරක්ෂාව සම්බන්ධව කණස්සල්ල පලකර තිබෙනවා.
ක්‍රීඩකයින් හත් දෙනෙකු සහ සහායක කාර්ය මණ්ඩලය දෙදෙනෙකු මේ වන විට එක්සත් රාජධානියේ සිටින බවත්, ඔවුන් පුහුණුවීම් සඳහා ලන්ඩනයට ආසන්න ක්‍රීඩාංගනයකට යන විට සහ ඉන් පිටතට යන විට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) මණ්ඩලයෙන් දැඩි ආරක්ෂක විධිවිධාන ඉල්ලා ඇති බවත් පුවත් වාර්තා පළ වී තිබෙනවා..
තවත් පුවත් :
- සජිත් ජනාධිපති වූ පසු සියළු ගොවීන්ට තුවක්කු දෙනවා..
- මහින්දගේ දුරකතන ඇමතුම් අසාර්ථකයි..නාමල්ගේ මැතිවරණ මෙහෙයුම අඩාලයි..
0 Comments