නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය විජිත හේරත් මහතා වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍ය ඒකකයට මුද්‍රා තබයි.


නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය විජිත හේරත් මහතා වැඩ භාර ගැනීමෙන් පසු එම අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ සේවය කළ සියලුම නිළධාරීන් ඉවත් කර මාධ්‍ය ඒකකයට මුද්‍රා තබා ඇතැයි වාර්තාවේ.

ඊයේ (24) දිනයේදීම අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ සියලුම බඩු භාණ්ඩ විගණනයට ලක්කර ඇති අමාත්‍යංශ නිළධාරීන් මාධ්‍ය ඒකකයට මුද්‍රා තබා තිබේ.

එහෙත් අද (25) දිනයේදී විජිත හේරත් මහතා වැඩ බාර ගැනීම මාධ්‍ය ආවරණය කරන ලෙසට මාධ්‍ය ඒකකයට දැනුම් දී තිබේ. 

ඒ අනුව මාධ්‍ය ඒකකයේ කැමරා ශිල්පීන්,සංස්කරණ ශිල්පීන් දොරගුළු විවර කර එම මාධ්‍ය ආවරණ කටයුතු සිදුකර තිබේ.

අමාත්‍ය විජිත හේරත් මහතා රාජකාරි ආරම්භ කිරීම මාධ්‍ය ආවරණය කිරීමෙන් පසුව අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු වන ඩබ්ලියු.එම් ආනන්ද නැමැත්තකු අද (25) පස්වරුවේ මාධ්‍ය ඒකකයට ලිඛිතව දැනුම් දී ඇත්තේ පස්වරු 4.30ට පෙර මාධ්‍ය ඒකකයෙන් ඉවත්වන ලෙසයි.

ඒ අනුව මාධ්‍ය ඒකකයේ සියලුම නිළධාරීන් මාධ්‍ය ඒකකයෙන් ඉවත්ව ඇති අතර මේ වනවිට ඔවුන් අමාත්‍යංශයේ විව්ධ අංශවලට මාරුකර යවා තිබේ.

- යෙනුක සිසිල්චන්ද්‍ර

තවත් පුවත් : 


Post a Comment

0 Comments