ලොව තෙවැනි වේගවත්​ම ටෙස්ට් ලකුණු දහස කමිඳු මෙන්ඩිස්ගෙන්.


නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය ඊයේ දිනයේදී  සිය ටෙස්ට් ලකුණු දහ​ස සම්පූර්ණ කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

එය වාර්තා පොත් අතරට එක්වන්නේ ලොව තෙවැනි වේගවත්ම ටෙස්ට් ලකුණු දහස සහ 1949 වසරට පසුව වාර්තා වූ වේගවත්ම ටෙස්ට් ලකුණු දහස ලෙසයි. 

ඒ අනුව කමිඳු ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමඟ වේගවත්ම ටෙස්ට් ලකුණු දහසේ සටහනේ තෙවැනි ස්ථානය බෙදාගන්නා බවයි වාර්තා වන්නේ. 

මෙම ටෙස්ට් ලකුණු දහස සඳහා කමිඳුට තරග 8 කදී ඉනිම් 13 ක් වැයවූ අතර, එහිදී කමිඳු ශතක 05 ක් සහ අර්ධ ශතක 04 ක් ලබා සිටිනවා. 

තවත් පුවත් : 

Post a Comment

0 Comments