ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ තම ආණ්ඩුවක් යටතේ වසර තුනක් ඇතුළත වංචාව සහ දූෂණය අවසන් කරන බවයි.
ඊයේ (02) පොදු ජන පෙරමුණේ නාමල් දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්විමේ අවස්ථාවට එක්වෙමින් මේ බව ඔහු පැවසීය.
එහිදී වංචාව සහ දූෂණය ඇතැමුන්ගේ සටන් පාඨයක් බවට පත්වුවද එය අවසන් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු මෙහිදී පවසා සිටියේ ය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ,
"වැඩිහිටියන්ට බය නැතිව තමන්ගේ දරුවන් සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සමාජය තුළ ගොඩනැඟෙනවා කියන විශ්වාසය වැඩිහිටියන්ට තමන්ගේ දරුවන්ට ගොඩනැඟෙන දේශය බෙදුනු නැති ඒකීය රටක් ලෙස පවතින රටක් බවට තහවුරු කරන ආණ්ඩුවක්.
බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සියලුම සංස්කෘතීන් ආරක්ෂා කරන ආණ්ඩුවක් අපි ගොඩනඟන්නේ.
ඒ ආණ්ඩුව තුළ අපි ගොඩනඟන රටේ ඊළඟ පරම්පරා බාරගන්නා දේමාපියන්ට සහ තරුණයන්ට තමන්ගේ හෙට දවස පිළිබඳ සුරක්ෂිතභාවයක් අවශ්‍ය වෙනවා.
එක් පැත්තකින් මත්ද්‍රව්‍ය උවදුර, ළමා අපචාර, කාන්තා හිංසනය වැනි දේට නීති රෙගුලාසි අවශ්‍ය නම් අලුතින් හදමු. එවැනි සමාජ පර්වර්තනයකට අපි යායුතු වෙනවා. ඒ සමාජ පරිවර්තනයට යන්න නම් මේ රටේ සමාජය නැවතත් ගමයි පන්සලයි, වැවයි දැගැබයි සම්බන්ධ වියයුතු වෙනවා.
ගොඩනැඟිය යුතු වෙනවා. ගමේ අයත් සම්බන්ධ වියයුතු වෙනවා. ඒ සම්බන්ධතාවය ගොඩනඟන්න හැකි සහ වුවමනාවක් තිබෙන අවශ්‍යතාවය තිබෙන දේශපාලන බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ජනතාව වෙනුවෙන් දියුණු රටක් ගොඩනඟන්න කටයුතු කරනවා. ඒ සඳහා මේ සියලු දෙනාටම ආරාධනා කරනවා"
තවත් පුවත් :
- ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලබා ඇති ඉහළම ජයග්‍රහණය සමඟින් සමිත දුලාන් ලක්මව් බබළවයි..
- අනුර V8 එකක යන්නේ ආරක්ෂාව ගැන හිතලයි..- හරිනි.
0 Comments