නව ජනපති ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දෙයි.

 


මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධුරයේ දිවුරුම් දුන්නා.

ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ ඔහු සිය දිවුරුම්දීම සිදු කළා.

දිවුරුම් දීමේ අවස්ථාවට එක්වීම සඳහා ජාතික ජන බලවේගයේ පක්ෂ සාමාජිකයින් රැසක් ජනාධිපති ලේකම් කාර්යාල වෙත පැමිණ තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් අනුර කුමාර දිසානයක මහතා පැවසුවේ,

"අප රටේ දේශපාලකයා, දේශපාලනය පිළිබඳ පොදු පුරවැසියන්ගේ තිබෙන්නේ අයහපත් අදහසක්. එය සුදුසු නැති තැනක් වගේ අදහසක් තිබෙන්නේ. ඒ නිසා අපේ පැත්තෙන් අපි උපරිම ලෙස නැවත දේශපාලනය මෙන්ම දේශපාලකයා කෙරෙහි මහජනයාගේ ගෞරවය, මහජනයාගේ විශ්වාසය ඇති කිරීම සඳහා අපගේ පාර්ශවයෙන් කළ හැකි සියල්ල කරන්න සූදානම්. ඒ වගේම අපට ලැබෙන මේ ගැඹුරුතම අර්බුදය හුදු ආණ්ඩුවකට, හුදු දේශපාලන පක්ෂකයකට, හුදු පුද්ගලයෙකුට පමණක් පියමන් කළ හැකි දෙයක් ලෙස අප විශ්වාස කරන්නේ නෑ. මා මීට පෙරත් ප්‍රකාශ කර තිබෙනවා මා ඉන්ද්‍රජාලිකයෙකු නොවේ. මා මැජික්කරුවෙකු නොවේ. මා මේ රටේ ඉපදුන සාමාන්‍ය වැසිවෙක්. හැකියාවන් තිබෙනවා. නොහැකියාවන් තිබෙනවා. දන්න දේවල් තිබෙනවා. නොදන්න දේවල් තිබෙනවා. හැබැයි මගේ ප්‍රමුඛතම කාර්යය හැකියාවන් උරාගෙන දන්න දේ එක් රැස් කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ අරගෙන මේ රට මෙහෙයවීමයි...."

තවත් පුවත් : 

Post a Comment

0 Comments