මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට සිට.


ඉදිරි මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට (01) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

එම අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වන්නේ ඔක්තෝබර් 08 වැනිදාය.

මේ අතර ඉදිරි මහ මැතිවරණයට ඇති සූදානම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙලෙස අදහස් පළ කළේය.

"මේ මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනය වුණේ 25 වෙනිදා. ඒ වෙද්දි අපි සහතික කළ ඡන්දහිමි නාමලේඛනය තමයි ජූලි මාසයේ 8 වෙනිදා සහතික කරන ලද ඡන්දහිමි නාමලේඛනය."

ප්‍රශ්නය - මේ පාර අයවැයෙන් වෙනකරලා තිබුණේ ජනාධිපතිවරණයක් සඳහා විතරයි නේද මුදල්. කොහොමද මැතිවරණ කොමිසම් සභාවට දෙන්නේ. 

"ජනාධිපතිවරයා තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම්, ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (4) ව්‍යවස්ථාව අනුව බැඳිලා ඉන්නවා මේ මැතිවරණයට මුදල් වෙන්කිරීමට. ඉල්ලලා තිබුණා බිලියන 11 මුදල් ප්‍රමාණයක්. බිලියන 5ක් අපිට ලබාදෙන්න එකඟවුණා. ජනාධිපතිවරණයට අපිට බිලියන 10ක් වෙන්වුණා. අපි ළඟ වෙන්කළ මුදල් ප්‍රමාණයකුත් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය තුළ මේ මැතිවරණ දෙකම කරන්න පුළුවන් හැකියාව තියෙනවා."

ප්‍රශ්නය - සන්ධානයක්, පක්ෂයක් ඕනෑම එකක් හදලා, 11 වෙනිදාට ඉස්සෙල්ලා නාමයෝජනා භාරදෙන්න වෙනවා ද?

"ඔක්තෝබර් මස 4 වෙනදා සිට ඔක්තෝබර් 11 වෙනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරගන්නවා. ඒ සඳහා තරග කිරීමට වලංගු දේශපාලන පක්ෂ හා සන්ධාන සම්බන්ධයෙන් ලැයිස්තුව ප්‍රකාශයට පත්කරනවා. 4 වෙනිදා උදෑසන 8.30ට නාමයෝජනා භාරගැනීම ආරම්භ වීමට පෙර සියලු කාරණා අවසන් විය යුතුයි."

තවත් පුවත් : 

Post a Comment

0 Comments