ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස අනුර විධානගමගේ මහතා පත් කර තිබෙනවා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ඉල්ලා අස්වීමත් සමඟ එහි පුරප්පාඩුවක් ඇති වුණා.
ඒ සඳහායි හිටපු ඌව පළාත් සභා අමාත්‍ය අනුර විධානගමගේ මහතා පත් කර ඇත්තේ.
එමෙන්ම ඔහු රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතාගේ සහෝදරයා ද වනවා.
ජනාධිපතිවරණයේ දී සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඒ.ජේ.එම් මුසම්මිල් මහතා සිය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වීමටයි කටයුතු කළේ.
තවත් පුවත් :
- එංගලන්තය පළමු දිනයේම ලංකාවට අභියෝගයක් වෙයි..ඊයෙ රෑ සිදු වූ දේ.
- ලක් මවට ලෝක මල්ලවපොර ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනා දුන් නෙත්මි..
0 Comments