විදේශ බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණන් මුදල් තැන්පත් කර ඇති බවට තොරතුරු සඳහන් වී ඇති දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ විමර්ශන අරඹා ඇත.
එම මූල්‍ය ආයතන වලින් ඒ පිළිබඳ තොරතුරු වාර්තා ලබා ගැනීම පළමු මෙහෙයුම බව බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
විදේශයන්හි මුදල් තැන්පත් කරන ක්‍රමවේද සම්බන්ධයෙන්ද මේ දිනවල විශේෂ අධ්‍යනයක් කරගෙන යන බවද බුද්ධි අංශය සඳහන් කරයි.
මෙය ඉතා දුෂ්කර කටයුත්තක් වුවත් ඒ සඳහා සූක්ෂම ලෙස ක්‍රියාත්මක බව පවසන එම අංශ. යමකු ඒ පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒවා ඉදිරිපත් කරන බවටද ප්‍රකාශ කරයි.
දේශපාලඥයන් ඇතුළු විවිධ පිරිස් විදේශයන්හි සඟවා ඇති මුදල් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරණයේදී ඇතැම් විවේදිකාවල නිතර සඳහන් විය.
තවත් පුවත් :
- සිරිලිය නිසා ශිරන්ති රත්වෙයි..නඩුව උඩටම අදියි.. වැඩ බලන පොලිස්පතිටත් නියෝගය..
- T20 තරගයක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව තම කණ්ඩායම ඉදිරියේ සටහන් කර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
0 Comments