ශ්‍රී ලංකාව හා බ.ඉ. කොදෙව් කණ්ඩායම් අතර දඹුල්ලේ දී පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ නායක චරිත් අසලංක පන්දු 35කට මුහුණදෙමින් ලකුණු 59ක් රැස්කළ අතර, ඔහුට අනගි සහායක් දුන් කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් රැස්කළේය.
කොදෙව්වන් වෙනුවෙන් රොමාරියෝ ශෙෆර්ඩ් කඩුලු 2ක් දවාගැනීමට සමත් විය. කෙසේ නමුත් ඔහු යැවූ පන්දුවාර 4ට ලකුණු 39ක් රැස්කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.
තවත් පුවත් :
0 Comments