ඉදිරි මැතිවරණවලදී වාමාංශික එක්සත් සන්ධානයක් ශක්තිමත් කිරීමේ තීරණ ගතයුතුයි.



ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට, මෙවර ජනාධිපතිවරණයේදී බිම් මට්ටමේ ඒකරාශී වූ වාමාංශික ජනතා ව්‍යාපාරයක ජයග්‍රහනයක් ලබාගැනීමට හැකිවී තිබේ. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට සුබ පතමින් සහයෝගය ලබා දීමට තීරණය කර තිබේ.  ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ එහි නායකත්වය සිය දේශපාලන ගමන පුරාම වාමාංශික ප්‍රතිපත්තිවලට අනුකූලව හැකි උපරිමයෙන් කටයුතු කර ඇති අතර, ශ්‍රීලනිප/ශ්‍රීලපො.පෙ. ප්‍රමුඛ සන්ධාන සහ ආන්ඩුවලට සම්බන්ධවී කටයුතු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී සංකීර්ණ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉටුකරවා ගැනීම සඳහා දැඩිව උත්සාහ කර ඇත. එසේ නොවන විට අප හැම විටම එම ආණ්ඩු වලින් ඉවත්ව කටයුතු කර ඇත. 

වාමාංශිකයින්ට පුළුල් සන්ධානයක් ශක්තිමත් කිරීමට අද හොඳ අවස්ථාවක් උදාවී ඇත. ඉදිරි මැතිවරණයේදී, ප්‍ර.වා.පෙ. නිශ්චිත දිස්ත්‍රික්කවල තම අපේක්ෂකයන් ඉදිරිපත් කරන අතර, ඉතිරි සියලුම ස්ථාන වලදී ජාතික ජනබලවේගයේ (එන්.පී.පී.) හා වාමගාමී අපේක්ෂකයන් සඳහා සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.

අප පක්ෂය ස්වාධීන හඬක් පවත්වා ගැනීම තුලින් පුළුල් වාම සන්ධානයක අගය එකතු කිරීමට ලැබෙන ඉඩකඩ සහ විදේශ රටවල සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අභිමතය පරිදි NPP ආන්ඩුව ජාතික කේන්ද්‍රීය ප්‍රතිපත්තිවලින් බැහැර නොවන බවට සහතික කිරීමද තරගයට ඉදිරිපත්වීම හොඳම ක්‍රමය බව අපි විශ්වාස කරමු.

අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අප තරග කරන දිස්ත්‍රික්කවල ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පක්ෂයට ඡන්දය ලබා දෙන ලෙසත් අප තරඟ නොකරන දිස්ත්‍රික්කවල ජාතික ජනබලවේගයේ හා වාම ප්‍රගතිශීලී අපේක්ෂකයින්ට ඡන්දය දෙන ලෙසත්ය. අපි රට සහ එහි ජනතාව පිළිබඳ හොඳම අවබෝධයෙන් යුතුව ඔවුන්ගේ පොදු යහපත වෙනුවෙන් දිගටම කටයුතු කරන්නෙමු.

චිරංජය නානායක්කාර.                                                                                                                                   අන්තර්ජාතික ලේකම් - ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ (DLF)

තවත් පුවත් : 


Post a Comment

0 Comments