කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහ ඉන්දීය ක්‍රීඩිකාවන් අතර තරගය අද (09) ඩුබාහිහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර ලෝක කුසලානයේ සිය පළමු ජය සොයන පසුබිමක පළමු තරග දෙකෙන් අහිමි පරාජයන්වලට මුහුණු දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගයට පිවිසෙයි.
ඒ අනුව, මීළඟ කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට නම්, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගය සහ නවසීලන්තය සමග පැවැත්වෙන තරගයේ ජය තීරණාත්මක වනවා.
එසේ නොවුණත් ඔවුන්ට සුදුසුකම් ලැබීමේ තරග වටයකට මුහුණ දෙන්නට ද සිදු වෙයි.
නිමා වූ කාන්තා ආසියානු කුසලානයේ අවසන් තරගය ප්‍රති නිර්මාණය කරමින් ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රීඩිකාවන් අද රාත්‍රී 7.30ට තරග බිමට පිවිසීමට නියමිතව ඇත.
තවත් පුවත් :
0 Comments