ඔහුගේ නම කියූ සැනින් බොහෝ දෙනෙක් ඔහුව හොඳින්ම හඳුනනවා..
ඒත් අද ඔහු ගැන ඇසෙන්නේ වෙනස්ම කතාවක්..
බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ සේවය BCB විසින් විනය හේතූන් මත අත්හිටුවා තිබෙනවා...
ඔහුව පැය 48කට අත්හිටුවා ඇති අතර "වහාම සේවයෙන් පහ කිරීමට" නියමිත බවයි වාර්තා වෙන්නේ..
ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස් කුසලානය දක්වා අන්තර්කාලීනව ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාරගෙන තිබෙනවා..
හතුරුසිංහ සිය දෙවන වරට බංග්ලාදේශ පුහුණුකරු ලෙස පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී නැවත පැමිණි අතර එය හිටපු නායකයින් අතර මතභේදයක්ද ඇති කරනු ලැබුවා..
විශේෂයෙන් වත්මන් BCB සභාපති ෆාරුක් අහමඩ් ඔහුව ආපසු ගෙන ඒමට BCB ගත් තීරණය ප්‍රශ්න කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ..
හතුරුසිංහ යටතේ, බංග්ලාදේශය පසුගිය වසරේ එක්දින ලෝක කුසලාන සහ මෙම වසරේ විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ දී දුර්වල දස්කම් පෙන්නුම් කළා..
මෙම කාල සීමාව තුළ ඔහුගේ හොඳම ජයග්‍රහණය වූයේ මෙම වසරේ පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශය 2-0 ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයයි..
එය පකිස්ථානයේදී ඔවුන්ගේ මංගල ජයග්‍රහණය වූ අතර වසර 15කට පසු පළමු විදේශීය ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණය වුණා..
කෙසේ වෙතත් ඉන් අනතුරුව පැවැති ඉන්දීය සංචාරයේදී ඔවුන් ටෙස්ට් තරග 2-0ක් ලෙස පරාජයට පත් වූ අතර තෙවැනි තරගයේදී වාර්තාගත පරාජයක් ද ඇතුළත් විස්සයි20 තරග 3-0ක් ලෙස පරාජයට පත්වුණා..
තවත් පුවත් :
- තීරණාත්මක දවස අදයි.. තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තුව අද..
- ඇමති විජිතගෙන් පොලීස් නිලධාරීන්ට සහතිකයක්.
0 Comments