දින තුනක් තුළ පාස්කු වාර්තාව ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකරන්නේ නම් තමන් සතුව ඇති වාර්තාවන් එළඹෙන සඳුදා දිනයේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියලුම වාර්තාවල කිසිඳු අඩුවක් නොමැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙසින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අමාත්‍ය විජිත හේරත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවට ප්‍රසිද්ධියට පත් කිරීමට ප්‍රතිඥාවක් ලබා දෙන තුරු තමා සතු වාර්තාව ආණ්ඩුවට බාර නොදෙන බවද ඔහු සඳහන් කළා.
තමන් ළඟ ඇත්තේ එම වාර්තාවල පිටපත් බවත් සත්‍ය වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
තවත් පුවත් :
- මහින්ද රාජපක්ෂත් කිව්වා. ඒත් නාමල් ඇහුවේ නෑ.. . එතුමා උදේ නැගිටපු ගමන් වරුවක් නහයෙන් අඬනවා, කෙඳිරිගානවා..
- අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගලට මොකද වෙන්නේ?
0 Comments