මෙවර මහමැතිවරණයේදී, දෙවන පරපුර පක්ෂයෙන් ත්‍රිකුණාමලය ද්‍රිස්තික්කයට තරඟවදින, දශක 4ක් පුරාවට "ශ්‍රී ලංකා සිනමාවේ සදාකාලික ප්‍රේමවන්තයා" ලෙස සැලකෙන, සුපිරි නළු කමල් අද්දරආරච්චි සමග පැවැති සාකච්ඡා වට කිහිපයක ප්‍රථිඵලයක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විජේසේකර (2004 - 2015)විසින්, සිය පූර්ණ සහයෝගය, කමල් ඇතුළු දෙවන පරපුර පක්ෂයට ලබාදීමට තීරණය කර ඇත.
ජයන්ත පැවසූවේ උවිඳු විජේවීර ඇතුළු දෙවන පරපුර පක්ෂයේ ප්‍රතිපත්ති හා භාවිතය දීර්ඝකාලීනව, අධ්‍යයනය කර, මෙම තීරණය ගත් බවයි. ජනතා විමුක්ති පෙරමුණ පූර්ණකාලීනයෙක් ලෙස කටයුතු කල ජයන්ත, 2004 වසරේදී, සන්ධාන රජයේ එකම ත්‍රිකුණාමලය ද්‍රිස්ත්‍රික් මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වී, 2008 වසරේදී විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ සමග එකතුවී, 2010 මහමැතිවරණයට ඉදිරිපත් වී දෙවන තැනට මනාප ලබාගන්නා ලදී.
- චංචලා ආරියදාස
තවත් පුවත් :
0 Comments