ඉතිහාසයේ පළමු වතාවට විස්සයි-20 තරගාවලියකදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක්දින තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු තරගයේදීම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා ජය ලැබීමට සමත්වූහ.
මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වුණේ දිවා රාත්‍රී තරගයක් ලෙස ය.
කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ඔවුන් පන්දුවාර 38යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ෂෙර්ෆීන් රදර්ෆර්ඩ් නොදැවී ලකුණු 74ක් රැස් කළේය.
පැය දෙකකට වැඩි කාලයක් වර්ෂාව ඇදහැළීම හේතුවෙන් DLS ක්‍රමය අනුව තරගයේ පන්දුවාර සංඛ්‍යාව අඩුකර ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුන්නේය.
ඒ අනුව, ශ්‍රී ලංකාවට පන්දුවාර 37කදී ලකුණු 232ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 32(31.5) වැනි පන්දුවාරයේදී පසුකර යාමට ශ්‍රී ලංකාව සමත් විය.
තවත් පුවත්
- ඉන්ධන අලෙවියෙන් එදා මගෙ සාක්කුවට ගිය සල්ලි අද යන්නේ අනුර දිසානායකගේ සාක්කුවටයි.
- නවසීලන්තයට වසර 36කින් නොතිබූ ජයක්.
0 Comments