ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පසුගිය සතියේ දී සිදු කළ (15) නවතම යාවත්කාලීනවලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ස්ථානයක් පහතට ඇදවැටී තිබෙනවා.
ඒ අනුව වනිඳු T20 පිටියේ තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ 06 වැනි ස්ථානයේ සිට පසුබැස ඇත්තේ 07 වැනි ස්ථානය දක්වායි.
වනිඳු රැඳී සිටි සයවැනි ස්ථානය ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබීට හිමි ව තිබෙනවා.
මෙම ලැයිස්තුවේ පළමු තැන එංගලන්තයේ ලියැම් ලිවින්ග්ස්ටෝන්ට හිමිව ඇති අතර දෙවැනි තැන හිමිව ඇත්තේ නේපාල් ක්‍රීඩක ඩිපේන්ද්‍ර සින්ග් හටයි.
තවත් පුවත් :
- හිරුණිකා ඇතුළු පිරිසකට අදාළ පැමිණිල්ලක් කැඳවීමට දින දෙයි.
- ජොන්ස්ටන් අල්ලන්න මහා මෙහෙයුමක්.. අද අධිකරණය ඉදිරිපිට සිද්ධ වුනු අමුතුම සිදුවීම..
0 Comments