අභිනව රජයට අවස්ථාවක් ලබාදිය යුතුයි - දිලිත්


අභිනව රජයට අවස්ථාව ලබාදිය යුතු බවත් තම පක්ෂය හොඳ විපක්ෂයක් වීමට සූදානම් බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය. 

"හොඳ දේශපාලනය කරන පුද්ගලයෝ හැටියට අභිනව රජයට අවස්ථාව ලබාදෙන්න අපිට යුතුකමක් තිබෙනවා. අපි කියන්න ඕනේ... අපි හොඳ විපක්ෂයක් වෙන්නයි එන්නේ. ඔබ ඔබගේ වැඩපිළිවෙළ කරගෙන යන්න. හැබැයි අපේ ප්‍රතිපත්තිවලට නොගැලපෙන හැම අවස්ථාවකදීම ඒ විපක්ෂයේ කාර්යය කරන්න එනවා කියලා ජනතාව අතරට යෑම වඩා සාධනීයයි. ජනතාවට ඒක පිළිගත හැකියි."

මේ අතර හිටපු අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, මහාචාර්ය චන්න ජයසුමන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යන මහත්වරුන් ඊයේ (02) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි. 

පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වැදුණු, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද මව්බිම ජනතා පක්ෂය සමඟ එක්වීමෙන් අනතුරුව ඔහුට එම පක්ෂයේ සභාපති ධුරය පිරිනැමුණි.

එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාද අද මව්බිම ජනතා පක්ෂයට එක්වුණි.

එහිදී ඔහුට පක්ෂයේ උප සභාපති ධුරය පිරිනැමුණි.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාද අද මව්බිම ජනතා පක්ෂයට එක්වූ අතර, ඔහු පත්කෙරුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ධුරයටය.

මේ අතර, මව්බිම ජනතා පක්ෂයේ කටාන ආසන සංවිධායක ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා පත්කෙරුණි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments