සසුනට කැලලක් වූ කාමාතුර චීවරධාරීයා.


 මේ කියන්න හදන්නෙ පිරිමි දරුවන් දෙදෙනෙක් සිටින මවක් විඳපු අමුතු මෙන්ම අමිහිරි අද්දැකීමකි.

නමින් බලන් ශ්‍රී විජිත හිමි වූ ශාන්තිකර්ම හා අනාගත කියවීම් වලට ඉතා ප්‍රසිද්ධ හිමිනමක්, හෝමාගම, දූවවත්ත පාරේ, පිහිටි ජයබෝධී අසපුවේ සිටින බව ආරංචි  උනා. මම දරුවන් දෙදෙනා සමග මේ හමුදුරුවෝ ලඟට ගියේ මගේ ළමයි දෙන්නගේ අනාගතය ගැන දැනගන්න. ටික වේලාවක් අපි සමග කතාකර, බාල පුතාට ටිකක් එලියට යන්න කිව්වා. කේන්දරයවත්, අතවත් නොබලා, එකපාරටම කිව්වා, පොඩි පුතා තව මාස 2ක් ඇතුලත මිය යනවා කියලා. මට කලන්තෙ වගේ, පුදුම දුකක් දැනුනා. මේ වෙනුවෙන් කල හැකි හැමදේම කරන බවට ඇඬූ කඳුලෙන් දිවුරුවා. මේ සඳහා දින 3කින් ශාන්ති කර්මයක්  කලයුතු බවත්, එහි බඩු ලැයිස්තුවත් මට ලබා දුන්නා. ඒ වගේම මේ ශාන්තිකර්මට දරුවාව රැගෙන එනවිට, කිසිඳු මලගෙදරක්, ආදාහනාගාරයක් පසු කල නොහැකි බවත් පැවසුවා. බුදුරජුන් මරණයක් සිදුනොවූ ගෙදරකින් අබ මිටක් ගෙනෙන ලෙස කිසාගෝතමීට කිව්වාට සමානදෙයක් නේද කියා මා ඇසුවා. එවිට ඒ හිමි මට යෝජනා කලා, දරුවාම මෙහි නතර කරන ලෙස. අවුරුදු 16ක් වන මගේ පුතාව, එයාගේ ජීවීතේ බේරගන්න, පලමු වතාවට මම පිට තැනක නතර කලා.

චූටි පුතා නැතුව මට කන්න, බොන්න ප්‍රියක් තිබුනෙ නැහැ. මගේ අක්කා, මල්ලී පවුලේ හිතවතුන් කිහිප දෙනෙක් ශාන්තිකර්මට අවශ්‍ය දේවල් ගන්න උදව් කලා. රුපියල් ලක්ෂයක විතර බඩු එතන ඉල්ලලා තිබ්බා. අපි බඩු අරගෙන අසපුවට ගියා. චූටි පුතාගේ කොණ්ඩෙ, රැවුල කපලා, එයා මාත් එක්ක වැඩිය කතාකලෙත් නැහැ. මම දෙවෙනි දවසෙ නොගොස්, ලොකු පුතාව යැව්වා. එයත් කිව්වා, මල්ලී එක්ක කතාකරන්න හම්බුනේ නැහැ කියලා. අපි හිතුවා ශාන්තිකර්මයට ඔහුව සූදානම් කරන නිසා, ඔහු අපහසුතාවයෙන් සිටින බව.

ශාන්තිකර්මය දිනයේදී අපි අසපුවට ගියා. අපේ අක්කයි, මමයි, ඇතුලට ගිය අතර.ලොකු පුතා, චූටි පුතා ලඟට ගියා. ටික වෙලාවකින් ලොකු පුතා ඇවිත්, ශාන්තිකර්ම ඕන නැහැ. මෙතන තව හිටියොත්, අරූ මගෙන් ගුටි කනවා. අරූ මල්ලීට කරදරයක් කරන්න හදලා, කිව්වා.මම චූටි පුතාව ලඟට අරගෙන, උන දේ ඇහුවා, එයාව කොණ්ඩෙ කොටට කපලා, රැවුල කපලා පිරිසිදු කලාලු, ඊට පස්සෙ, දෙවන දවසෙ රෑ, ලිංගික අවයවයටත් පිරිසිදු කලයුතුයැයි පවසා, කලිසම ගලවා, පුතාටත් වඩා පොඩි ළමයෙක්ට, පුතාගේ මුඛ සංසර්ගය (ශිශ්න මුඛෝත්තේජනය) කරන ලෙස කියලා, එහි විශාලත්වය දෙගුණ වනතුරු. ඉන් පසුව හාමුදුරුවෝත් අවසන් පිරිසිදු කිරීම කරනවා කියලා. කරන්න හදන දේ තේරුම්ගත් චූටි පුතා, සුද්ද සිංහලෙන් අමාන්ත්‍රණය කරලා, මේ බව හෙට අම්මාට කියන බවත් කියලා. එවිට හාමුදුරුවෝ අහලා, ඔයා අම්මාහැර තවත් අය එක්ක නිදාගෙන තියෙනවා නේද කියලා, එයා අපේ අක්කාගේ පුතාලා එක්ක නම් එක ඇඳේ නිදාගෙන තියෙනවා කියලා. චූටි පුතාට ඒ අයගෙන් භයානක සමාජ රෝගයක් වැලඳී ඇතිබවත්, මෙම සිදුවීම චූටි පුතා මට කිව්වොත්, පුතා සමාජ රෝගියෙකු බව හැමෝටම පවසන බවට තර්ජනය කරලා. ඒ මොහොතේම එතන්ට පැමිණි ඒ පාපතර චීවරධාරියාට ලොකු පුතා පහරදීම, මට නවත්තන්න හැකි උනේ නැහැ. ගමේ අයත් එතන්ට පැමිණියාඅපි ශාන්තිකර්ම වලට දෙන බඩු වලින් කොටසක් ගමේ අයට දීලා, ඔවුන්වත් තමාට හිතවත් කරගෙන සිටි නිසා, අපේ කතාවට ඔවුන් ඇහුම්කන් දුන්නෙ නැහැ. හාමුදුරුවෝ පහරදීමට විරුද්ධව පොලීසියට යන්න ඉස්සෙල්ලා, මම ඉස්සර උනා. එහිදී මම දැනගත්තා, බාලවයස්කාර ලිංගික අපචාර සම්බන්ධ නඩු තුනක් ඒවන විටත් ඒ චීවරධාරීයාට, හෝමාගම උසාවියේ තියෙනවා කියලා. මගේ නඩුවත් මේ වනවිට විභාග වෙමින් පවතිනවා.

මේ කතාව මෙතනින් අවසන් නැත. මේ දරුවා, කහසිවුරක් දකින විට තැතිගනිමින් සිටිනවා. ඒ වගේම අම්මාට ඇවිටිලි කර, තමාට සමාජ රෝගයක් ඇත්දැයි බැලීමට වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටත් මුහුණ දීලා තියෙනවා. ඒ වගේම අවස්ථා කිහිපයකදීම මේ චීවරධාරීයා පවසලා තියෙනවා, ඔහුට දේශපාලන නායකයින්, ආරක්ෂක ප්‍රධානීන්, අධිකරණ ක්ෂේත්‍රයේ සිටින අය සමග තිබෙන සමීප සම්බන්ධතා. ඒ කිසිවක් නිසා, මේ චීවරධාරීන්ට නිදහස් වීමට ඉඩනොතැබිය යුතුයි. පිවිතුරු බුදු දහමට පවා නිගාකරමින්, සිය ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමට කුඩා ළමුන් දඩයම් කරන පාපතරයාට, නීතියෙන් උපරිම දඬුවම් ලැබෙනතුරු, සමාජයම විමසිල්ලෙන් බලාසිටින අතරම මෙවැනි අය ශාසනයෙන් පහකිරීමට ද වැඩපිලිවෙලක් තිබිය යුතු වේ.

- යෙනුක සිසිල්චන්ද්‍ර

තවත් පුවත් : 

Post a Comment

0 Comments