කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව පළමුවරට T20 තරගාවලියක් ජය ගනී.


කුසල් ජනිත් පෙරේරාගේ හා කුසල් මෙන්ඩිස්විගේ ශිෂ්ට අර්ධ ශතක හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව්  කණ්ඩායම සමග පැවති තෙවැනි පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් කඩුලු නමයක ජයක් වාර්තා කර ගනිමින්  තරග තුනකින් යුත් තරගාවලියේ තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙය කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම් විසින් විස්සයි 20 දී පාර්ශවීය තරඟයකදී ජයක් ලබාගත් පළමු අවස්ථාව වීමද විශේෂත්වයක්.

දඹුල්ලේ පැවති තරගයේ කාසි වාසිය  දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව  පන්දුවට පහර දෙමින්  කඩුලු 08 දැවී ලකුණු 162 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම  ක්‍රීඩා කල  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර  18 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉන්නේ මේ පලමු කඩුල්ල වෙනුවෙන් පැතුම් නිශ්ශංක හා  කුසල් මෙන්ඩිස් පන්දු 32ක් තුළ ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 60 වූ අතර පැතුම්  නිශ්ශංක ලකුණු 39ක දැවී යාමත් සමඟ පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් සමඟ එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවත කරා රැගෙන ගියා.

මෙහිදී මොවුන් දෙදෙනාම අර්ද ශතක ලබගනීමද විශේෂ කාරණයක් වුනා. 

තවත් පුවත් : 

Post a Comment

0 Comments