විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පත්කරන්නැයි තිබ්බොටුවාවේ සුමංගල මල්වතු මහා නා හිමියෝ එම පක්ෂයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ..
එම ලිපිය මල්වතු කාරක සංඝ සභික ගල් පිහිල්ලේ නායක ස්වාමීන් වහන්සේ විසින් බාරදී ඇති බව සඳහන්.
ඔහු රට වෙනුවෙන් කළ සේවාව, පළපුරුද්ද හා නීති ක්ෂ්‍රේත්‍රයේ ඇති හැකියාව ආදිය සැලකිල්ලට ගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්නැයි මල්වතු මහනාහිමියන් එම ලිපියෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එම ලිපියට සමග ජන බලවේගය පක්ෂයෙන් ඊයේ (18) වනතුරුද පිළිතුරක් ලබාදී නොතිබුණු බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
පසුගිය මහ මැතිවරණයේදී සමග ජන බලවේගයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ආසන පහක් හිමි වූ අතර එම මන්ත්‍රී ආසනවලට පත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් එම පක්‍ෂය තවමත් තීරණයක් ගෙන නොමැත.
0 Comments