ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා! ළහිරු කුමාරගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්!

 


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

අද දිනයට තරගය නතර කරන විට පළමුව පන්දුව පහර දෙමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20 පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 80ක් රැස්කරගෙන සිටිනවා.

එහිදී නොදැවී පන්දුවට පහර දෙමින් Temba Bavuma ලකුණු 28ක් රැස් කළා.

පන්දු යැවීමේදී Lahiru Kumara කඩුලු 2ක් දවා ගත් අතර Asitha Fernando සහ Vishwa Fernando එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

මේ දක්වා දෙරට අතර ටෙස්ට් තරගාවලි 31ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 16ක ජය දකුණු අප්‍රිකාවට හිමි වුණා.

Post a Comment

0 Comments