පාතාලයට , කුඩු ජාවාරමට තිත – වැඩභාරගත්ත වටගල පොලිස් ලොක්කන්ට කිව්ව සැර කතාව.

 


මේ රටේ මහ ජනතාවට නීතියේ පිළිසරණ සහ ආරක්ෂාව නිසි ලෙස ලැබිය යුතු බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල පවසයි.

පසුගිය සමයේ දිගින් දිගට ම පොදු ජනතාවට එක නීතියක් සහ පාලකයන්ට තව නීතියක් ක්‍රියාත්මක වීම ම නව දේශපාලන යුගයකට මාවත විවර කළ බව ද හෙතෙම පෙන්වා දෙයි.

එහෙයින් නීතියට බලපෑම් කිරීමට පාලකයන්ට තව දුරටත් කිසිදු අයිතියක් නොමැති බව ද ඇමැති වටගල ප්‍රකාශ කරයි.

එම දේශපාලන බැරියර් එක තමන් ඉවත් කළ නිසා තව දුරටත් මත්ද්‍රව්‍ය සහ පාතාළ ක්‍රියා මැඩලීමට නොහැකි වුණා යැයි හේතු දැක්වීමට නොහැකි බව ද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අවධාරණය කරයි.

Post a Comment

0 Comments