දැනට ක්‍රියාත්මක පාසල් විෂය නිර්දේශය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් සිදුකිරීමට ඉදිරියේදී රජය සූදානම් බව ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නෙ කටපාඩම් අධ්‍යාපන ක්‍රමය වෙනුවට ළමුන් තුළ තාර්කික හැකියාව වර්ධනය වන ආකාරයට පාසල් විෂය නිර්දේශය සකස්විය යුතු බවයි.
එමෙන්ම ලෝකයේ නවීන ඉගැන්වීමේ ක්‍රම මෙරට අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කරගත යුතු බවද ඔහු සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂක ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා මේ බව සඳහන් කලේ මාතර දිස්ත්‍රික්කයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වෙමින්.
‘දරුවෙක් නිවරදි මාර්ගයට ගන්න ඉගනීමට එහා ගිය තව හුඟාක් දේවල් කරන්න තියෙනවා. ලෝකයේ හුඟාක් රටවල පෙරපාසලේ සිට යම් කාලයක් යනකම් දරුවන්ට පොතේ පතේ දේවල් උගන්වන්නෙ නෑ. ඒ දරුවන්ට උගන්වන්නෙ සමාජමය දේවල්.
නමුත් අපේ රටේ එහෙම දේවල් වෙන්නෙ නැහැ.අපිත් ඒ වගේ දරුවන්ට හොඳ ආකල්ප උගන්වන්න කටයුතු කරනවා.
අපේ අධ්‍යාපන ක්‍රමය තුළ සාමාන්‍යපෙළ විභාගයට වෙනකොට දරුවෙක් විෂයන් 9ක් විතර කරනවා. මේ විභාග ක්‍රමයෙන් සිද්ධවෙන්නේ ළමයින්ට කටපාඩම් කිරීමයි. එහෙම නැතුව ළමයින්ගේ තාර්කික හැකියාව වර්ධනය කරන්න ක්‍රමවේදයක් අපේ අධ්‍යාපන ක්‍රමයේ නෑ.
කටපාඩම් ක්‍රමය නෙමෙයි අපි කරන්න ඕන ළමයින්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමයි. අපේ අධ්‍යාපන ක්‍රමයතුළ තාර්කික හැකියාව වර්ධනය වෙන්නෙ හරිම අඩුවෙන්.
ඒ නිසා අපේ පාසල් විෂය නිර්දේශය නැවත සළකා බලනවා.පාසල හා ගුරුවරයා අතර බැඳීම වැඩි කරන්න ඕන. ඒ සඳහා ගුරුවරුන්ටත් ඉගැන්වීමේ නවීන ක්‍රම උගන්වන්න බළාපොරොත්තු වෙනවා.
අපේ රටේ තියෙන නරකම ලක්ෂණය තමයි තරුණ ගුරුවරුන් දුෂ්කර පළාත්වලට මාරුකරනවා. වයසක ගුරුවරුන් නගරයේ පාසල්වලට දමනවා. ඒ ක්‍රමයත් වෙනස් කරනවා. දෙමාපියන්ගෙ තරඟ යේ කොටස්කරුවන් තමයි ළමයා. ඒ නිසා දෙමාපියන් ළමයින්ගෙන් බළාපොරොත්තු වෙන්නෙ ඉතාම ඉහළ වෘත්තීන්. ළමයා බළාපොරොත්තු වෙන දේවල් කරන්න බැහැ. හැම ළමයාම පොතට දක්ෂ නෑ.එක එක දරුවන්ට විශේෂිත වූ දක්ෂතාවයන් තියෙනවා. අපි ඒක හඳුනාගන්න ඕන.
අපි නවය වසරෙදි විතර ළමයා යම් පරීක්ෂණයකට ලක්කරනවා. ඒ පරීක්ෂණයෙන් ළමයගෙ දක්ෂතාවයන් හඳුනා ගන්නවා.ළමයගේ ඒ දක්ෂතාවය අනුව තමයි උගන්වන්නේ. එතකොට හරි ඉලක්කයකට දරුවා මෙහෙයවා ගන්න පුළුවන්.මේව තමයි අධ්‍යාපනය ලබාදෙන නවීන ක්‍රම. ඒ නවීන ක්‍රම අපේ අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරගන්න අවශ්‍යය’
තවත් පුවත් :
- පාසල් ඉගැන්වීම්වලට වට්ස්ඇප් – වහාම අලුත් චක්‍රලේඛයක් එළියට.
- වසර 22කින් නොලැබුණු තරගාවලි ජයක් පාකිස්තානයට.
0 Comments