ලබන වසර සුබයි! මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්!.


මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 4.5 ත්, සියයට 5ත් අතර අගයක් ගනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මහ බැංකුවේ ඊයේ(27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර, ශ්‍රී ලංකා මහබැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් ලිහිල් කර, ඊයේ සිට අලුතින් හඳුන්වාදුන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8 ක මට්ටමේ පවත්වාගෙන යාමටයි පසුගියදා රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ.

මෙම තනි ප්‍රතිපත්ති පොලි අනුපාතික ක්‍රමවේදයට යොමුවීමත් සමඟ නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යන ද්විත්ව පොලී අනුපාතික ක්‍රමය තවදුරටත් නොසලකන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

Post a Comment

0 Comments