වාහන ආනයනය සීමාඉවත් කිරීමේ රට තුළ පවතින සංචිත පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසයි.
වාහන ආනයනය නැවත ආරම්භ කිරීම රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට උපකාරී වුවද එය මූල්‍ය ප්‍රතිපත්තිවලට බලපෑම් එල්ල කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.
ඊයේ (23) කොළඹ, ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
ප්‍රශ්නය – 2025 වසරේ පෙබරවාරි වනවිට වාහන ආනයන සීමාවන් ලිහිල් කරන බව පසුගිය රජය ප්‍රකාශ කළා. නව රජය ඒ අනුව කටයුතු කළහොත් එය IMF නිර්දේශවලට අනුකූල වෙනවා ද?
“මෝටර් වාහන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කිරීමේ තීරණය මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් ඇති කරන බව පැහැදිලියි. ඒ පිළිබඳ අප මෙවර ඇගයීමේදි මෙන්ම මීට පෙර ඇගයීමේදි ද සාකච්ඡා කළා. වාහන ආනයන සීමාවන් ඉවත්කිරීම රජයේ ආදායම් ඉහළ නංවන මූලාශ්‍රයක්ද වනවා. එමගින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදාවුවත් රටේ සංචිත පිළිබඳ අවධානය යොමුකර පරික්ෂාකාරීව එය කළමනාකරණය කළ යුතුයි.”
0 Comments