ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) සමත් විය.
ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩයම ලකුණු 131කින් පරදවමින්.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ ශාරුජන් ෂම්මුගනාදන් අංක 3 පිතිකරුවා ලෙස පන්දුවට පහරදීමට පැමිණ අගනා ලකුණු 102ක් රැස්කළේය.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 28.2දී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 112ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් මනීෂ ලකුණු 16කට කඩුලු 3ක් දවාගත්තේය.
ඊට අමතරව නිව්ටන් රන්ජිත්කුමාර් (2/28), විරාන් චමුදිත (2/14) හා විහස් තෙව්මික (2/10) කඩුලු 2 බැගින් දවාගත්හ.
මෙම ජයග්‍රහණයත් සමග ‘B’ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කරතේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය කාණ්ඩයේ පෙරමුණ හිමිකරගෙන සිටියි.
ඔවුන් අනිද්දා (3) බංග්ලාදේශට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතව ඇත.
0 Comments