රාජ්‍ය සේවය කප්පාදු කිරීමට රජයට කිසිදු සැළසුමක් නොමැති නමුත් ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බව රාජ්‍ය පරිපාලන ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කර තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ රජයේ ආදායම් ශක්තිමත් කිරීමේ ව්‍යායාමයක් ලෙස රාජ්‍ය සේවය කප්පාදු කරන ලෙස විවිධ තැන්වලින් ඉල්ලීම් ඉදිරිපත් වුවද රැකියා කප්පාදු කිරීම තවත් අර්බුදයක් ඇති කිරීමට හේතුවක් වන බවයි.
එබැවින් එවැනි ක්‍රියාමාර්ග නොගන්නා බවත් මෙම කරුණු පිළිබඳ සළකා බැලිය යුතු බවත් ඔහු සඳහන් කර ඇත.
රාජ්‍ය සේවයේ ඵලදායිතාව ඉහළ නැංවීමට රජය පියවර ගන්නා බව ද ඔහු පවසා ඇත.
එමෙන්ම ඉදිරි බඳවාගැනීම් සිදුකිරීමේදී ඵලදායිතාව පිළිබඳ සොයා බලන බව ද ඔහු සඳහන් කර තිබේ.
මීට පෙර විවිධ රජයන් යටතේ ඵලදායිතා අංශය කෙරෙහි අවධානයක් යොමු නොකර තාවකාලික ක්‍රමවේදයකට උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන ඇති බවත් එය පියවරෙන් පියවර නිවැරදි කරන බවත් ඔහු පෙන්වා දී තිබේ.
මේ අතර, ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය අංශයක් දැරීමට නොහැකි වනු ඇති අතර නුදුරේදීම රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බව ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන දුමින්ද හුලංගමුව පවසයි.
කෙසේවෙතත්, මීට පෙර, ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව කියා සිටියේ රටේ දැනට සිටින මිලියන 1.3 සේවක පදනමේ සිට 750,000 දක්වා රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය අඩු කිරීමට සිදුවනු ඇති බවයි.
0 Comments