කායවර්ධන ලෝක ශූරීය හෙටදින ලංකාවට.

 


කළුතර පදිංචි, වයස 26 හැවිරිදි, රණවිරු දියණියක් වන, හෙට්ටි ආරච්චිගේ තාරකා පෙරේරා ක්‍රීඩිකාව විසින් 2024 නොවැම්බර් 30 දින, තායිලන්තයේදී පැවති, ලෝකයේ සියලු රටවල් නියෝජනය කරන,  IFBB Pro League තරඟාවලියේ, උස 168cm වැඩි කාන්තා විවෘත physique තරඟ ඉසව්වට සහභාගි වී,රිදී පදක්කම (දෙවන ස්ථානය) දිනාගන්නා ලදී. 

දිල්රුක්ෂි ආරච්චිගේගෙන් පසු  මෙවැනි විජයග්‍රහණයක් ලංකාවට ගෙනඒමට සමත් තාරකා විසින් 2022 වසරේ පැවති ජාතික ආධුනික කායවර්ධනය තරඟාවලියේ, කාන්තා ඉසව්වේ ජාතික ශූරීය ද විය.

ඇය හෙට දින (2024.12.02) මෙරට වේලාවෙන් පස්වරු 8.30ට, කටුනායක ගුවන්තොටුපොලට, FD140 ගුවන් යානයෙන් පැමිණීමට නියමිත අතර ඇයව පිලිගැනීමේ උත්සවය ප්‍රධාන දොරටුව අසල සංවිධානය කර ඇත. එය ආවරණය කිරීමට පැමිණෙන ලෙස සියලු මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිමු.

ගුවන්තොටුපොල සම්බන්ධීකරණය සඳහා ලසන්ති හේරත් මහත්මිය (තාරකාගේ මව) 0775317341 යන අංකයෙන් සම්බන්ධ කරගන්න.

ස්තුතිය.






Post a Comment

0 Comments