සංවර්ධන නිළධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා අධ්‍යාපන අමාත්‍යවරියට ලිපියක්.


පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස එම සංගම් යළි රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර සංවර්ධන නිලධාරී ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට රජය මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනුයුක්ත කරන ලෙස ඉල්ලා ඔවුන් පසුගියදා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුවා.

එම අවස්ථාවේ රජය ගැටලු ඉදිරිපත් කිරීමට සාකච්ඡාවක් ලබාදුන්නද ඔවුන් එය ප්‍රතික්ෂේප කළා.

කෙසේ වුවත් ඒ වන විටත් මෙම ගැටලුව විසදීම සඳහා වන යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

ගැටලුව පිළිබද සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් සහ ඊට සහාය දීම සඳහා තවත් රාජ්‍ය නිලධාරී කමිටුවක් ද රජය විසින් පත්කළේ කැබිනට් අනුමැතිය සහිතවයි.

මේ අතර සංවර්ධන නිලධාරී ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුන් අද (09) දිනයේ යළි අධ්‍යාපන අමාත්‍යවරියට ලිපියක් භාර දුන්නා.

Post a Comment

0 Comments