ජනපති දැඩි තීරණයක! සහල් මාෆියාව බිඳින ආකාරය හෙළිකරයි!


සහල් අර්බුදය විසඳීම සඳහා මේ මස 20 වනදා වනවිට සහල් මෙට්‍රික්ටොන් 50,000ක් සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මෙරට සහල් සංචිත සම්බන්ධයෙන් ඇති වාර්තා පිළිබඳ ගැටළුකාරී බවයි ජනපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ වනවිටත් සහල් මාෆියාව බිඳදැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කරමින් සිටින බව එතුමා වැඩිදුරටත් සඳහන් කළා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ(05) පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“අපි ඇවිත් කෙටි දවසකින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට ලැබුණු වාර්තාව රට තුළ සහල් ප්‍රමාණවත් කියලා. නමුත් පාරිභෝගික අධිකාරිය විසින් කළ සමීක්ෂණ අනුව හෙළිවුණා සහල් හිඟයක් තියෙනවා කියලා. ඒ නිසා අපි සහල් ආනයනය කරන්න තීරණය කළා.”

“මේක දෙන්නෙක් තුන්දෙනෙක්ගේ ඒකාධිකාරියකට අයිති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දැනට ඒගොල්ලන්ට ඒ හයිය තියෙනවා. අපිට පාලනය කරගැනීම සඳහා මෙවලමක් නැති නිසා. අපි දැඩි ස්ථාවරයක ඉන්නවා. අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා. නමුත් යම් කාලයක් යයි.”


Post a Comment

0 Comments