හිටපු ජනපති රනිල් විශේෂ ප්‍රකාශයකට සැරසෙයි.


 පසුගිය රජය සමයේ මත්පැන් බලපත් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් ඉදිරි දින කිහිපයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

අදාළ බලපත් ලබාදුන් ක්‍රමවේදය සම්බන්ධයෙන් එම ප්‍රකාශයේදී දීර්ඝ වශයෙන් විස්තර කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මේ බව පවසන්නේ, ඉකුත් ඡන්ද සමයේදී විවිධ මත්පැන් බලපත්‍ර 361ක් නිකුත් කිරීම සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

Post a Comment

0 Comments