පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාලව මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා.
ඒ නීතිපතිවරයාට ලිපියක් යොමු කරමින්.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව නීතිමය බාධා පවතී නම් ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම මෙහි අරමුණ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසන්නේ.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව කලින් කැඳවූ නාමයෝජනා අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන ඇතිනම් එය කඩිනමින් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, පරණ නාමයෝජනා ලැයිස්තුව අහෝසි කරන්නේ නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව හරහා පනත් කෙටුම්පතක් සම්මත කරගත යුතු වන බවයි.
පළාත් පාලන මැතිවරණයට අදාලව කැඳවූ පැරණි නාම යෝජනා ලැයිස්තුව අහෝසි කරන බවට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණයක් ගනු ලැබුවා.
එම තීරණය රජය මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය සතියේ දී නිල වශයෙන් දැනුම් දුන්නා.
මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්විය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා.
0 Comments