හර්ෂ ද සිල්වාව ලොකු තනතුරකට යෝජනා කිරීමට සිලින්ඩරයේ සෙට් එක සැරසෙයි.

 


දස වැනි පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම යෝජනා කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ (02) පස්වරුවේ කොළඹ මල්පාරේ පිහිටි රැස්වීමකදීයි.

පාර්ලිමෙන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මීට පෙර දෙවතාවක් මුදල් කාරක සභාවේ සභාපති ධුරය හොබවා තිබේ.

ඒ අනුව අද (03) දිනයේ දී පාර්ලිමේන්තුව රැස් වූ පසු එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Post a Comment

0 Comments